රසම රස WATALAPPAN (වටලප්පන් ) හදන්නෙ මෙහෙමයි.



අවශ්‍ය ද්‍රවය

බිත්තර  4
හකුරු  250g
පොල් කිරි  කෝප්ප  1/2
කජු ඇට 50g
සාදික්කා,එනසල්,කුරුදු(කුඩුකර ) තේ හැදි 1/3
වැනිලා රසකාරක  බින්දු  4
සුල්තානා 50g



සාදන ක්‍රමය

 මුලින් ම කැබලි වලට කපාගත් හකුරු  හා  බිත්තර,පොල්කිරි,වැනිලා  එකතු කර  බිලෙන්ඩ කරගන්න. ඉන් පසු තමන් කැමැති භාජනයක් ගෙන බිලෙන්ඩි කරගත් ටික  එයට එකතු කරන්න.පසුව සාන්ද්‍රණය උඩට සුල්තානා දාන්න. එම භාජන ඇළුමිනියම් කොළයකින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින්  වසා හුමාලයෙන් තම්බා ගැනීමට පුළුවන්.(පැයක් හෝ විනාඩි 45 ක් ) වේලාවක් ගතවනූ ලැබේ.නැතහොත් අවන් එකක 180 c, විනාඩි 45 පමණ තම්බා ගත හැක. මෙසේ සදා ගත්  වටලප්පන් මතට කපාගත් කජු දා සරසා ගත හැක.


විශේෂ කරුණු
1.    හකුරු පොඩි කැබලි වලට කපා  බිලෙන්ඩි කරාගන්න. 
2.     කජු පොඩි කැබලි වලට කපාගන්න. 
3.     හකුරු  ඉතා හොදින් දිය වන තෙක් බිලෙන්ඩි  කර ගන්න.
4.      අවන් එක  භාවිතා කරන විට  භාජනය වැසීමට  රෙදි පාවිච්චි නොකරන්න.වඩාත් සුදුසුයි  ඇළුමිනියම් කොලයක් භාවිතා කිරීම .






Comments

Post a Comment

Be used Good Word your Massage

Popular Posts