ඉස්සෝ මසාලා

 


අවශ්‍ය අමුද්‍රව්‍ය

ඉස්සන්  1kg
ළුණු ගෙඩි 05
තක්කාලි 3
ඉගුරු/සුදුළුනු තේ හැදී 2.5(අබරා ගත්)
මිරිස් කුඩු තේ හැදී 2
කහ කුඩු තේ හැදී 1
කොත්තමල්ලි කුඩු තේ හැදී 1
මසාලා කුඩු තේ හැදී 1/2
කරපිංචා අතු 2ක්
දෙහි යුෂ තේ හැදී 2
අබ තේ හැදී 1/2
ලුනු අවශ්‍ය ප්‍රමාණයට
වතුර කෝප්ප 1/2


සාදාගන්නා ආකාරය 


1. ඉස්සන් සුද්ද කර හොදින් සෝදා ලුනු සමග මිශ්‍ර කර මද වේලාවක් තබන්න.භාජනයක් ගෙන එයට ඉස්සන් දා මිරිස් කුඩු,ඉගුරු/සුදුළුණු මිශ්‍රනය,කහකුඩු  ,දෙහි දා හොදින් කවලම් කර විනාඩි 20ක් පමණ පැත්තකින් තබන්න

2.බදුනක් ගෙන තෙල් දා රත් කර අබ,ලුනු එක් කර රන් වන් පැහැය වන තෙක් තබා කොත්තමල්ලි කුඩු ,මසාලා කුඩු ,මිරිස්,කරපිංචා,තක්කාලි දා විනාඩි 3-4 පමණ පිසගන්න.

3. පසු ඉස්සන් එක් කර හොදින් කවලම් කර මද ගින්නේ විනාඩි 5ක් පිසගෙන  වතුර හා අවශ්‍ය ප්‍රමාණයට ලුනු දා ඉදෙන්න හරින්න


Comments

Popular Posts