පීසා එකක් හදමුද ගෙදරදිම pizza

Pizza සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය ‍‍

රිච්ඩෝ මෝලිය (පිටි ග්‍රෑම් 500 ක)
තක්කාලි සෝස් මේස හැදි 3 ක්,
ඔරිගානෝ කුඩු,
මොසරැල්ලා චීස්
පීසා මිශ්‍රණය පිරවුම සදහා පීසා මිශ්‍රණය සදහා කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 200 ක්,
ලොකු ළූණු ගෙඩියක්,
සුදු ළූණු බික් 3-4 ක්,
මිරිස් කුඩු ටිකක්,
තක්කාලි ගෙඩි 2ක්
ලීක්ස් ගසක්,
මාළු මිරිස් කරල් 3 ක් (ඇට ඉවත් කල)
ලුණු,
ගම්මිරිස්,
තක්කාලි සෝස්,
සෝයා සෝස් 

සාදන ක්‍රමය 

මුලින් ම පිරවුම සදා ගනිමු. ඒ සදහා කුකුළු මස් පොඩියට කපන්න. තක්කාලි සහ ලීක්ස් රවුම් පෙති කපන්න. මාළුමිරිස් ඇට ඉවත්කර රවුම් පෙති කපන්න. තෙල් ටිකක් බදුනක‍ට දමා ලිප තබා රත් වූ පසු ලූණු , සුදු ළූණු එකතු කරන්න. එයට කුකුළු මස්, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු එක් කර බැදෙන්නට හැර ලිපෙන් බා ලීක්ස්, තක්කාලි, මාළු මිරිස් එකතු කර ගන්න. මෙයට ගම්මිරිස් කුඩු , තක්කාලි සෝස් සහ සෝයා සෝස් එක්කර පිරිවුම සාදාගන්න. විශේෂ පාන් මෝලිය ගෙන කොටස් 2 කට වෙන් කරන්න. ( මෙම පාන් මෝලිය පිටි ග්‍රෑම් 500 කින් මුලින් කියා ඇති ආකාරයට අනාගත යුතුයි.) අගල් 8 ප්‍රමාණයේ තැටි දෙකක් ගෙන පිටි මිශ්‍රණනය තුනී කර ගන්න. ඒ මත තක්කාලි මේස හැදි 3 ක් පමණ දමා තුනී කරන්න. ඊට උඩින් සාදා ගත් තෙම්පරාදුව දමා තුනී කර ඔරිගානෝ කුඩු ස්වල්පයක් ඉසින්න. එයටත් උඩින් ග්‍රේට් කරගත් චීස් ටිකක් ඉසින්න. මෙම තැටි කාමර උෂ්ණත්වයේ විනාඩි 20 ක් පමණ තබා සෙල්සියස් අංශක 200ට රත්කර ගත් උදුනක තබා විනාඩි 20 ක කාලයක් බේක් කර ගන්න.

 හරිම ලේසියි නේද ?

Comments

Post a Comment

Be used Good Word your Massage

Popular Posts