කොත්තු හදන හැටි (පළමු ලිපිය)

ඔන්න ඔයාලා කන්න කැමතිම හැබැයි හදන්න දන්න නැති රසම රස කෑමක් ගැනයි කියන්න යන්නේ... ඒ වෙ මොනවත් නෙමේ කොත්තු ..චිකන් කොත්තු, බිත්තර කොත්තු, එළවළු කොත්තු විතරක් නෙමේ දැන් ඔන්න චීස් කොත්තුත් තියනවා. හැමදාම කන සාමාන්‍ය කොත්තුව වෙනුවට වෙනස් කෑමක් කන්න හැමෝම කැමති වෙයි. ඒ නිසාම මම හිතුව චීස් කොත්තු හදන විදිය කියල දෙන්න.

[img][Image: 50i2cn.jpg][/img]

1.පරාටා හදාගැනීම


පිටි 250 g
ලුණු සවල්පයක්
සිනි මෙස හැදි 1/4
තෙල් ටිකක්
උණු ජලය

පාන්පිටි වලට උණු වතුර දමා ලුණු හා සීනි එක්කර පොල් / එලවලු තෙල් එක්කර හොදින් අනා ගෙන පැය භාගයක් පිපෙනන් හැර නැවත තෙල් ගාමින් කුඩා ගුලි සාදා ගන්න දැන් ඒවා හොදින් වඩා ගෙන රෙටී කබලක පුලුස්සා ගන්න්. දැන් සාදාගත් රෙටී ටික එක උඩ තාගෙන කුඩාවට සිහින්ව කපා ගෙන පැත්තකින් තියන්න.

කොත්තුවට අවශ්‍ය ද්‍රව්‍ය

රොටි හත ලෙස සකස් කල
කැරට් 30g
ගෝවා 30g
ලීක්ස් 60g
බිත්තර 2ක්‍
ළූණු ලොකු ගෙඩියක්
ගම්බිරිස් තේ හැඳි 2ක්
කෑලි මිරිස් මේස හැඳි 2ක්
සෝයා සෝස් මේස හැඳි 2ක්
අමු මිරිස් කරල් 5ක්
සුදු ළූණු බික් 5ක්
ලුණු අවශ්‍ය පමණට
රම්පෙ කරපිංචා ස්වල්පයක්
ඉඟුරු කැබැල්ලක්
එළවළු හොදි අවශ්‍ය පමණට
චීස් 200g
තෙල් මේස හැඳි 2ක්


එළවළු හොද්දට අවශ්‍ය ද්‍රව්‍ය

පොඩි කැරට් ගෙඩියක්
ලීක්ස් පොඩි ගහක්
ළූණු ගෙඩියක්
සුදු ළූණු බික් 3ක්
තක්කාලි ගෙඩි 3ක්
රම්පෙ කරපිංචා ස්වල්පයක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගම්බිරිස් මේස හැඳි 2ක්
තුනපහ කුඩු තේ හැඳි 2ක්
ලුණු අවශ්‍ය පමණට
තෙල් මේස හැඳි 2ක්
පොල්කිරි දියකිරි හා මිටිකිරි

මුලින්ම හොද්ද හදාගන්න පස්සෙ මෙහෙම කොත්තු වැඩේ පටන් ගන්න


මුලින්ම භාජනයක් ලිප තබා රත්වෙන්න හරින්න පසුව එයට තෙල් ටිකක් එකු කරන්න.එයට සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු අඩිය දමා කලවම් කර එයටම බිත්තර ටික එක් කරගෙන කෑලි මිරිස්, ගම්බිරිස්, ලුණු දමා පසුව කපාගත් ගෝවා, ලීක්ස්, එළවළු කැබලි දමාගන්න ඉන්පසු සින්ව කුඩාවට කපාගත් රොටි කැබලිද එයට එක් කර සාදාගත් එළවළු හොදි ඇති පමණට එක් කරන්න. මෙයටම සෝයා සෝස් හා අවසානයේ චීස්ද එක් කර රසලන්න.

[Image: 2ugowv6.jpg]

වැඩේ කෙහොමද ? හදල බලන්න.... අහන්ඩ දෙයක් , නැත්තන් ගැටලු තියේ නම් මට කියලම යන්න.

Comments

Post a Comment

Be used Good Word your Massage

Popular Posts