Tuesday, January 19, 2016

මාළු කට්ලට්


මාළු කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

අල ගෙඩි    2

ටුනා ටින්    2

B ළුණු ගෙඩි 1( සිහින්ව කපාගත්)

සුදුළුනු බික් 2( සිහින්ව කපාගත්)

ඉගුරු ස්වල්පයක් ( සිහින්ව කපාගත්)

අමුමිරිස් කරල් 2-3( සිහින්ව කපාගත්)

කරපිංචා ස්වල්පයක්( සිහින්ව කපාගත්)

ගම්මිරිස් කුඩු තේ හැදී  1/2

මිරිස් කුඩු තේ හැදී 1/2

පාන් කුඩු මේස හැදී 1

දෙහි යුෂ ස්වල්පයක්

බිත්තර 2

බැද ගැනීම සදහා අවශ්‍ය පමණට තෙල්

පිටි ස්වල්පයක්


සාදාගන්නා ආකාරය

1. පළමුව හොදින් අල සුද්ද කර  මදක් විශාලකොටු වලට කපා ගෙන හොදින් තම්බා ගන්න.
2. තැම්බු පසු වතුර ඉවත් කර මද වේලාවක් නිවෙන්න හරින්න.පසු දෙහි යුෂ ,ලුණු දා කවලම් කරන්න.
3.භාජනයක්( pan ) ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු සුදුළුනු,ළුණු,ඉගුරු දමා රන් වන් පැහැය වූ පසු අල එක් කර ගම්මිරිස්,කහ ,මිරිස් කුඩු දා හොදින් කවලම් කර මද වේලාවක් තබා ටුනා එකතු කර විනාඩි 2ක් පමණ තබා ලිපෙන් ඉවත් කර මද වේලාවක් නිවෙන්න හරින්න.

4.පසු මිශ්‍රණයට බිත්තර හා පාන් කුඩු මේස හැන්දක්,දා කවලම් කර කුඩා කැබලි වලට වෙන් කර එම රවුම් තුනී කර ගන්න.

5.කුඩා භාජන තුනක් ගෙන එයින් එකිනෙකට පිටි,බිත්තර,පාන්කුඩු දා පැත් තකින් තබන්න.ඉන් පසු තුනු කරගත් අල මිශ්‍රණ පළමුව පිටි මත තවරා,දේවැනිව බිත්තර මත තවරා අවසානයේදී පාන් කුඩු මත හොදින් තවරන්න. භදුනක් ගෙන තෙල්  රත් වූ පසු  බැද ගන්න
.









No comments:

Post a Comment

Be used Good Word your Massage