Sunday, January 31, 2016

ගමේ රහට වම්බටු මෝජු හදමු

 වම්බටු මෝජු



 වම්බ්ටු 500 g
පොල් තෙල් ½ l
කහකුඩු ස්වල්පයක්
ලොකු ළූණු 250 g
සුදු ළූණු බික් 3

ඉගුරු කැබල්ලක්
මිරිස් කුඩු මේස හැන්දක්
සීනි තේ හැන්දක ප්‍රමාණයක්


 

සාදන ක්‍රමය

 
හොදින් සෝදාගත් වම්බ්ටු සියල්ලෙහි නැටි  ඉවත් කොට වම්බ්ටු ගෙඩිය දෙකට කපා ඉන්පසු එය නැවතත් හතරට කපා ගන්න.(දිග තීරු ආකරයට )කහ සහ ලුනු දමා එය හොදින් කලවම් කරගත් වම්බටු  හොදින් රත් වූ තෙලෙන් බැද ගන්න. ඉන්පසු ඉගුරු,සුදු ළූණු අඹරා ගන්න. බඳුනකට විනාකිරි, මිරිස්කුඩු,හා ඉහත අඹරා ගත් මිශ්‍රනය දමා එය ලිප තබන්න. එයටම සීනි මේස හැදි 1/2 ක්. කුරුදු පොතු දමා හොදින් මිශ්‍ර කරන්න. විනාඩි 8ක් පමණ එය හොදින් මිශ්‍රකර එයට බැදගත් වම්බටු එකතු කරන්න. එයට අවශය පරිදි ලුනු දමා විනාඩි 4ක් පමණ ලිප තබන්න.එය ආහාර සදහා පිලිගන්වන්න.

Monday, January 25, 2016

SPRING ROLL-ශී‍්‍ර ලංකන් ස්ටයිල් ස්ප්‍රින් රෝල්

  අවශ්‍ය දව්‍ය

ස්ප්‍රින් රෝල් ෂිට් 2

සුදු ළුණු තේ හැදි 1(සිහින්ව කපාගත්)
කුකුල් මස් 50g (මදක් දිග අතට සිහින්ව කපා ගන්න)
ළුණු ගෙඩි 1ක්(සිහින්ව කපාගත්)chopped
ලීක්ස් 1ක් ( මදක් දිග අතට සිහින්ව කපා ගන්න)
කැරට් 1ක් (මදක් දිග අතට සිහින්ව කපා ගන්න)
පොල් තෙල් 100ML 
කැලි මිරිස් හෝ චිලි පේස්ට් තේ හැදි 1
කහ කුඩු තේ හැදි  1/4
ලුනු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
සෝය සෝස් තේ හැදි 1/4
ඔයිටර් සෝස් ස්වල්පයක් 

සාදාගන්නා ක්‍රමය 


1.  බදුනක් ගෙන  එයට තෙල් දා රත් කර සුදුළුණු,ළුණු එකතු කර ගන්න.රන්වන් පැහැය වූ විට කුකුල් මස් එකතු කර කවලම් කර මද වේලාවක් තබා  එළවළු එකිනෙක එක් කර මදගින්නේ පිසගන්න.පසුව කැලි මිරිස් හෝ චිලි පේස්ට්,කහ කුඩු, සෝයා සෝස්, ඔයිටර් සෝස් හා අවශ්‍ය ප්‍රමාණයට ලුනු කුඩු දා හොදින් කවලම් කර පිසගන්න.
 

Wednesday, January 20, 2016

CHICKEN TIKKA - චිකන් ටික්කා


අවශ්‍ය ද්‍රව්‍ය 


තක්කාලි 800gm (සිහින්ව කපාගන්න)

ගා ගත් පොල් 400g( දිය කර ගන්න)
මසාලා කුඩු මේස හැදී 2

තුනපහ කුඩු මේස හැදී 2

සිනි මේස හැදී 2

ලුනු කුඩු තේ හැදී 2

මිරිස් කරල් 1 (අවශ්‍ය නම් පමණක් )

   සාදාගන්නා ආකාරය

පළමුව සාමාන්‍ය බදුනක් ගෙන තෙල් දා රත් කර කපා ගත් කුකුල් මස් එක් කර විනාඩි 6ක් පමණ බැද ගන්න.ඉන් පසු   බදුන ලිපෙන් ඉවත් කර කුකුල් මස්වල ඇති තෙල් පෙරෙන්න තබන්න.නැවතත් බදුනක් ගෙන රත් කර තක්කාලි හා කුකුල් මස් එකතු කර මද ගින්නේ පිසගන්න.පසු පොල් කිරි,තුනපහ,මසාල කුඩු ,සිනි,ලුනු එකතු කර හොදින් කවලම් කර විනාඩි 25ක් පමණ තබා ලිපෙන් ඉවත් කරන්න

Tuesday, January 19, 2016

මාළු කට්ලට්


මාළු කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

අල ගෙඩි    2

ටුනා ටින්    2

B ළුණු ගෙඩි 1( සිහින්ව කපාගත්)

සුදුළුනු බික් 2( සිහින්ව කපාගත්)

ඉගුරු ස්වල්පයක් ( සිහින්ව කපාගත්)

අමුමිරිස් කරල් 2-3( සිහින්ව කපාගත්)

කරපිංචා ස්වල්පයක්( සිහින්ව කපාගත්)

ගම්මිරිස් කුඩු තේ හැදී  1/2

මිරිස් කුඩු තේ හැදී 1/2

පාන් කුඩු මේස හැදී 1

දෙහි යුෂ ස්වල්පයක්

බිත්තර 2

බැද ගැනීම සදහා අවශ්‍ය පමණට තෙල්

පිටි ස්වල්පයක්


සාදාගන්නා ආකාරය

1. පළමුව හොදින් අල සුද්ද කර  මදක් විශාලකොටු වලට කපා ගෙන හොදින් තම්බා ගන්න.
2. තැම්බු පසු වතුර ඉවත් කර මද වේලාවක් නිවෙන්න හරින්න.පසු දෙහි යුෂ ,ලුණු දා කවලම් කරන්න.
3.භාජනයක්( pan ) ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු සුදුළුනු,ළුණු,ඉගුරු දමා රන් වන් පැහැය වූ පසු අල එක් කර ගම්මිරිස්,කහ ,මිරිස් කුඩු දා හොදින් කවලම් කර මද වේලාවක් තබා ටුනා එකතු කර විනාඩි 2ක් පමණ තබා ලිපෙන් ඉවත් කර මද වේලාවක් නිවෙන්න හරින්න.

4.පසු මිශ්‍රණයට බිත්තර හා පාන් කුඩු මේස හැන්දක්,දා කවලම් කර කුඩා කැබලි වලට වෙන් කර එම රවුම් තුනී කර ගන්න.

5.කුඩා භාජන තුනක් ගෙන එයින් එකිනෙකට පිටි,බිත්තර,පාන්කුඩු දා පැත් තකින් තබන්න.ඉන් පසු තුනු කරගත් අල මිශ්‍රණ පළමුව පිටි මත තවරා,දේවැනිව බිත්තර මත තවරා අවසානයේදී පාන් කුඩු මත හොදින් තවරන්න. භදුනක් ගෙන තෙල්  රත් වූ පසු  බැද ගන්න
.









Sunday, January 17, 2016

THANDOORI CHICKEN (තන්දූරි චිකන් )


අවශ්‍ය ද්‍රවය
ලුණු කුඩු මේස හැදි  1 1/2
මුදවපු කිරි (plain yogurt ) මේස හැදි 6
ඉගුරු කැබැල්ලක්
සුදුළුණු  ගෙඩි 1
ගම්මිරිස් කුඩු තේ හැදි  1/2
දෙහි යුෂ මේස හැදි 2
මිරිස්කුඩු තේ හැදි 2  1/2
සුදුරු කුඩු මේස හැදි 1
තුනපහ කුඩු තේ හැදි  1/2
කොත්තමල්ලි කුඩු තේ හැදි  1/2
කහකුඩු ( ස්වල්පයක්)
රතුපාට වර්ණක( ස්වල්පයක්)
කුකුල් මස් ගාත(CHICKEN LEG) 6


සාදාගන්නා ආකාරය



  1. පළමුව කුකුල් මස් සුද්ද කර ගන්න.කුකුල් මස් වල තැනින් තැන කපා ගන්න.(ඉක්මනින් පිසෙන නිසා හා  හොදින් ලුණු,මිරිස් උරාගන්නා නිසා )                                                                                                                                                      
  2. මිරිස්කුඩු තේ හැන්දක් ,දෙහි යුෂ මේස හැදි 1ක් ,ලුණු කුඩු මේස හැදි 1ක්  භාජනයකට දා හොදින් කවලම්  කර කුකුල් මස් වල හොදින් තවරා පැය භාගයක් පමණ පැත්තකින් තබන්න.
  3. වෙනත් භාජනයක් ගෙන එයට මුදවපු කිරි,ලුණු කුඩු,දෙහි යුෂ,ගම්මිරිස් කුඩු,කහ කුඩු ස්වල්පයක්,කොත්තමල්ලි කුඩු ,තුනපහ කුඩු,සුදුරු කුඩු,මිරිස්කුඩු,ඉගුරු-සුදුළුණු පේස්ට් එකතු කර හොදින් කවලම් කර පසු රතු වර්ණකය එකතු කර හොදින් කවලම් කර ඉහත සාදාගත් කුකුල් මස් මෙම මිශ්‍රනයට දමා හොදින් තවරා ගන්න.
  4. කැරට්,ලීක්ස්,සැල්දරි කැබලි වලට කපා තැටියක තැනින් තැන අසුරා කුකුල් මස් එය මත අසුරා විනාඩි
    20-25අතර 250 c අවන් එකක තබන්න.


වැදගත් කරුණු

  • ඉගුරු සුදුළුණු බේලන්ඩ් කරන්න.

Thursday, January 14, 2016

ඉස්සෝ මසාලා

 


අවශ්‍ය අමුද්‍රව්‍ය

ඉස්සන්  1kg
ළුණු ගෙඩි 05
තක්කාලි 3
ඉගුරු/සුදුළුනු තේ හැදී 2.5(අබරා ගත්)
මිරිස් කුඩු තේ හැදී 2
කහ කුඩු තේ හැදී 1
කොත්තමල්ලි කුඩු තේ හැදී 1
මසාලා කුඩු තේ හැදී 1/2
කරපිංචා අතු 2ක්
දෙහි යුෂ තේ හැදී 2
අබ තේ හැදී 1/2
ලුනු අවශ්‍ය ප්‍රමාණයට
වතුර කෝප්ප 1/2


සාදාගන්නා ආකාරය 


1. ඉස්සන් සුද්ද කර හොදින් සෝදා ලුනු සමග මිශ්‍ර කර මද වේලාවක් තබන්න.භාජනයක් ගෙන එයට ඉස්සන් දා මිරිස් කුඩු,ඉගුරු/සුදුළුණු මිශ්‍රනය,කහකුඩු  ,දෙහි දා හොදින් කවලම් කර විනාඩි 20ක් පමණ පැත්තකින් තබන්න

2.බදුනක් ගෙන තෙල් දා රත් කර අබ,ලුනු එක් කර රන් වන් පැහැය වන තෙක් තබා කොත්තමල්ලි කුඩු ,මසාලා කුඩු ,මිරිස්,කරපිංචා,තක්කාලි දා විනාඩි 3-4 පමණ පිසගන්න.

3. පසු ඉස්සන් එක් කර හොදින් කවලම් කර මද ගින්නේ විනාඩි 5ක් පිසගෙන  වතුර හා අවශ්‍ය ප්‍රමාණයට ලුනු දා ඉදෙන්න හරින්න


Wednesday, January 13, 2016

චිලි පේස්ට්




අවශ්‍ය ද්‍රව්‍ය
කැලි මිරිස 100g  

ඉගුරු(ස්වල්පයක් )

සුදුළුනු බික් 4ක්(ස්වල්පයක් )
       
තෙල් කෝප්ප  01

වියලි ඉස්සන්  100g

B ළුණු 30g (සිහින්ව කපාගත් )  chopped

කරපිංචා 5ක්  (සිහින්ව කපාගත්)  chopped

සිනි මේස හැදී  5

දෙහි යුෂ තේ හැදී   1

අජිනමොටෝ තේ හැදී  1

ලුනු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  
සාදාගන්නා ආකාරය 

පළමුව තෙල් රත් කර ළුණු,ඉගුරු,සුදුළුනු එකතු කර රන් වන් පැහැය වන තෙක් බැද ගන්න.ඉට පසු ඉස්සන් එක් කර නැවතත් රන්වන් පැහැය වන තෙක් තබා කපිංචා,සෝයා සෝස්,එකතු කර හොදින් කවලම් කරන්න.පසු කැලි මිරිස්,ලුනු හා අජිනමොටෝ දා මද ගින්නේ තබන්න.නැවතත් හොදින් කවලම් කර විනාඩි 3ක් පමණ මදගින්නේ තබන්න.අවසානයේදී සිනි එක් කර මද වේලාවක් තබා ලිපෙන් ඉවත් කරන්න. 

Tuesday, January 12, 2016

Massaman curry roast chicken


Ingredients

 Ingredients

    whole chicken Chicken, about 1.8kg
    Two thumb-size pieces root ginger
    1 stick lemongrass, bashed with a rolling pin
    1 limeLime, cut into quarters
    70g/2½ oz pack Massaman curry paste (I used Blue Elephant)
    1 tsp olive oil
    olive oil(cooking oil for Sri lanka)
    450g baby new potatoes
    New potatoes, any larger ones halved
    400ml/14fl oz can coconut milk
    1 tsp brown sugar, any type
    200g green beans, trimmed
    1 tsp fish sauce
    2 tbsp unsalted peanuts, crushed (optional)
    basmati rice, to serve
 

Method

 
1.Put the chicken in a roasting tin or large casserole. Roughly chop half the ginger and put into the cavity of the chicken with the lemongrass and half the lime, then tie the legs together with string. Mix 1 tsp of the curry paste with the oil, rub it all over the chicken, then season with salt and pepper. Heat the oven to 200C/fan 180C/gas 6, cover the chicken loosely with foil, then put it in to roast. After 35 mins, take the foil off the bird. Add the potatoes to the tin, then stir them around in any juices. Roast for another 40 mins until the chicken is cooked through and golden and the potatoes are tender.
 

2.Take the chicken out of the tin and leave to rest, loosely covered. Put the tin on the hob, add the remaining curry paste, grate in the remaining ginger, then fry for 2 mins until fragrant. Stir in the coconut milk and sugar, then boil for about 5 mins until the sauce is slightly thickened.
 

3.Tip in the beans, simmer for 4 more mins (or until tender), then splash in the fish sauce, any resting juices and squeeze over the remaining lime. Scatter with the peanuts for the authentic Massaman flavour. Carve the chicken and serve with the saucy potatoes and basmati rice.

Monday, January 11, 2016

පිලවු රයිස්

රයිස් කන්න හුගක් අය කැමතියි නේ.ඒ අයට ඔන්න අපි අද වෙනස්ම රෙසිපිඑකක් ගෙනාවා.
හදලම බලන්නකෝ.
 
අවශ්‍ය ද්‍රව්‍ය 

බාස්මති සහල් 200g
ගිතෙල්  මේස හැඳි 2ක් 
කරඳ මුoඟුඇට 3ක් 
කරාබුනැටි 2ක් 
ගම්මිරිස් ඇට 3 -4 ක් 
ලුණු 
වතුර 
කහකුඩු ස්වල්පයක් 
 
සාදන ක්‍රමය :-
 
සහල් සෝදා වතුර පෙරගන්න.පෑන් එකක් ලිපතියලා එකට ගිතෙල් ටිකක් දමලාරත් වූ පසු කරඳ මුoඟු කරාබුනැටි දමලා තෙම්පරාදු කරගෙන එයට සෝදාගත් සහල් එකතු කරලා විනාඩි දෙකක් පමණ තෙම්පරාදු කරලා කහ , ලුණු සහ බත තැම්බීමට ප්‍රමාණවත් තරමට වතුර එක් කර බත උයා ගන්න . මෙය උණු උණුවෙම පිළිගන්වන්න.   



Sunday, January 10, 2016

CHICKEN SZECHUAN(චිකන් සිචුවන් )

CHICKEN SZECHUAN(චිකන් සිචුවන් )


අවශ්‍ය ද්‍රවය
 
කුකුක් මස් 350 ග්‍රෑම්
ලුණු තේ හැදි 1/4
බිත්තර සුදුමද 2
බඩඉරිගු පිටි තේ හැදි 2 
මාළුමිරිස් කරල් /බෙල්පේප 3
එළවලු තෙල් මිලි ලීටර් 60
රතු මිරිස් කරල් 3-4
ළුණුකොල 5
ඉගුරු කැබැල්ලක්
හොඉසින් සෝස් 15 මි.ලි 
සොයා සෝස් තේ හැදි 1 1/2
ඔඉස්ට සෝස් තේ හැදි 2
බැදපු කජු 115 ග්‍රෑම්
තල තෙල් තේ හැදි  1

සාදන ආකාරය

පළමුව කුකුල් මස් පොඩි කැබලි වලට කපා බෝල් එකකට දමා ලුණු,කවලම් කරාගත්  බිත්තර හා දිය කරගත්    බඩඉරිගු පිටි( Corn  Flour ) දමා හොදින් කවලම් කරගන්න.මාළුමිරිස් හෝ බෙල් පේප පොඩි කොටු වලට කපාගන්න.ඉන් පසුව බදුනකට තෙල් දමා රත්වූ පසු කපාගත් කුකුල් මස් එකතු කර පැහැය වෙනස් වෙනතෙක් තබා වෙන බදුනකට මාරු කරන්න.ඉන් පසු එම බදුනට  මාළුමිරිස්,රතුමිරිස්,ළුණු කොල ,ළුණු ,ඉගුරු එකතු කර විනාඩි 2ක් පමන තියන්න.දැන් අපි කුකුල් මස් එකතු කරමු.හොඉසින්,සොයා සෝස් ඔඉස්ට   සෝස් එක් කර කවලම් කරන්න.පසුව  බැදපු කජු හා තලතෙල් ස්වල්පයක් එකතු කර විනාඩ්යක් පමන තබා ලිපෙන්  බාගන්න.
 

සැ.කරුණු

  • කුකුල් මස් (කලව) හෝ කටු ඉවත් කරාගත් කුකුල් මස් භාවිතා කරන්න.
  • කුකුල් මස් 25cmක් දිගට කපා ගන්න .
  • බඩඉගුරු පිටි ( Corn Flour ) වතුර ස්වල්පයක් දමා කවලම් කර එක්කර ගන්න.
  • හොඉසින්සෝස්( hoisin sauce) ඔඉස්ටර්(Oyster)වෙළද පොලින් ලබාගත හැක 
  • බිත්තර (කවලම් කරගන්න )

Saturday, January 9, 2016

රසම රස WATALAPPAN (වටලප්පන් ) හදන්නෙ මෙහෙමයි.



අවශ්‍ය ද්‍රවය

බිත්තර  4
හකුරු  250g
පොල් කිරි  කෝප්ප  1/2
කජු ඇට 50g
සාදික්කා,එනසල්,කුරුදු(කුඩුකර ) තේ හැදි 1/3
වැනිලා රසකාරක  බින්දු  4
සුල්තානා 50g



සාදන ක්‍රමය

 මුලින් ම කැබලි වලට කපාගත් හකුරු  හා  බිත්තර,පොල්කිරි,වැනිලා  එකතු කර  බිලෙන්ඩ කරගන්න. ඉන් පසු තමන් කැමැති භාජනයක් ගෙන බිලෙන්ඩි කරගත් ටික  එයට එකතු කරන්න.පසුව සාන්ද්‍රණය උඩට සුල්තානා දාන්න. එම භාජන ඇළුමිනියම් කොළයකින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින්  වසා හුමාලයෙන් තම්බා ගැනීමට පුළුවන්.(පැයක් හෝ විනාඩි 45 ක් ) වේලාවක් ගතවනූ ලැබේ.නැතහොත් අවන් එකක 180 c, විනාඩි 45 පමණ තම්බා ගත හැක. මෙසේ සදා ගත්  වටලප්පන් මතට කපාගත් කජු දා සරසා ගත හැක.


විශේෂ කරුණු
1.    හකුරු පොඩි කැබලි වලට කපා  බිලෙන්ඩි කරාගන්න. 
2.     කජු පොඩි කැබලි වලට කපාගන්න. 
3.     හකුරු  ඉතා හොදින් දිය වන තෙක් බිලෙන්ඩි  කර ගන්න.
4.      අවන් එක  භාවිතා කරන විට  භාජනය වැසීමට  රෙදි පාවිච්චි නොකරන්න.වඩාත් සුදුසුයි  ඇළුමිනියම් කොලයක් භාවිතා කිරීම .