Wednesday, April 13, 2016

අලුත් අවුරුද්දට චීස් කේක් හදමු



අවශ්‍ය ද්‍රව්‍ය
පිටි 500g
දෙහි යුෂ තේ හැදී 2
බටර්  200
ලුණු ස්වල්පයක්
බේකිං පවුඩර් තේ හැදී  2
පිරවුම සදහා 
බටර් 75g
පුහුල් දෝසි 250g
බිත්තර  4
කජු  125g
සීනි 250g
රෝස් එසන්ස් තේ හැදී  1/2
ආමන්ඩ් එසන්ස් තේ හැදී    1/2
සාදික්කා,කරදමුංගු,කරාබුනැටි ( තලාගත් ) 3


සාදන ක්‍රමය :
පිටි බදුනකට දමා එයට බටර් ස්වල්පය බැගින් දමමින් පාන් කුඩු මෙන් සැලෙන ආකාරයට ඇගිලි තුඩු වලින් කවලම් කරන්න.ඉන්පසු දෙහි යුෂ,අයිස් වතුර ස්වල්පයක් ද එක්කොට අතෙහි නොඇලෙන පදමට අනාගන්න.

පිරවුම සදා ගන්නා ක්‍රමය :

පුහුල් දෝසි,කජු ආදිය සිහින්ව කපාගන්න.බිත්තර කහමද සහ සීනි හොදින් ගසන්න.ඉන්පසුව  එසන්ස් වර්ග දමා හොදින් මිශ්‍රකර ගන්න.දැන් මුලින් සාදාගත් පිටි බදාමය තුනීකර රවුම් කටරයකින් එක් එක් රවුම බැගින් කපන්න.බටර් තවරාගත් තැටි මත මෙම පේස්ට්‍රිය තුනිකොට පටි ආකාරයට තීරු කපා එය කතිරයක් සේ මතුපිටින් දමා උඩින් කජු කැබලි ඉස මිනිත්තු 25ක් පමණ උදුනේ තබා පුළුස්සා ගන්න.
 

No comments:

Post a Comment

Be used Good Word your Massage