Monday, April 4, 2016

මාළු අච්චාරු


මාළු අච්චාරු

මාළුකිරට මිරිසට වගේ ඇඹුල්තියල් වලටත් අපි නිතරම හදනවා. ඒත් මාළු අච්චාරු මීටකලින් හදලා තියෙනවද. කෙළවල්ලන් වගේම තලපත් මාළුත් අපිට මේ විදියට හදා ගන්නපුළුවන්. ඒ කියන්නේ මාළු අච්චාරු විදියට. මාළු අච්චාරු හදන්න මුලින්ම මේබඩු ටික අරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය



මාළු ග්‍රෑම් 300

    රතු ලූනු ග්‍රෑම් 150
    අමු මිරිස් ග්‍රෑම් 100
    අබ ග්‍රෑම් 50
    සුදු ලූනු තේ හැඳි 1
    සීනි තේ හැඳි 1
    කහ කුඩු තේ හැඳි 1
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1
    විනාකිරි අඬු කෝප්ප 1 1/2
    තෙල් අඬු කෝප්ප 1 1/2
    ලුණු තේ හැඳි 1 1/2
    දෙහි ගෙඩියක යුෂ තේ හැඳි 1
    සාදන ක්‍රමය

මුලින්ම තලපත් හරි කෙළවල්ලන් මාළු හරි සෝදලා අඟල් 1/2 විතර හතරැස් කෑලිවලට කපාගන්න. ඔයාල දිගටම අපිත් එක්ක එකතු වෙලා හිටියනම් අපි කලින් ලිපියක මිරිස්කපා ගන්න විදිය රූප සටහන්වලින්ම පෙන්නුවා. ඒ විදියට වෙන් නොවන විදියට අමුමිරිස් කපා ගන්න. ඊට පස්සෙ රතු ලූනු සුද්ද කරලා දෙකෙළවර කපලා පැත්තකින්තියන්න. මාළු කෑලිවලට ලුණුයි දෙහියි දාලා කලවම් කරලා ඒ ටික විනාඩි 10 විතරතියලා ගැඹුරු තෙලේ බැදගන්න. එහෙම බැදගත්ත මාළු කෑලිවල තෙල් ටික බේරලා ගන්න.




කලින්ඔයා කපලා හදා ගත්ත ලූනුයි අමු මිරිස් කෑලියි උණු තෙලට දාලා ඉක්මනටම ආපසුගන්න. මේ අතරෙදි අබ ටිකකුයි විනාකිරියි මිරිස් ගලේ අඹරලා සූදානම් කරගන්න.මේ ඔක්කොම ටික එකට මිශ්‍ර කරලා දවසක් විතර පදම් වෙන්න තියන්න. එතකොට තමයිමාළු අච්චාරුවේ නියම රසය ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතිං ඔබට මේ අච්චාරුවආහාර වේලට එකතු කරගන්න පුළුවන්. මේ මාළු අච්චාරුව 8 දෙනෙක්ට විතර සෑහෙනනිසා නෑදෑ හිතවතුන්ටත් දීලා රහ බලන්න.

No comments:

Post a Comment

Be used Good Word your Massage