චිකන් ඩෙවල්




 අවශ්‍ය ද්‍රව්‍ය : –

කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1
සුදු ලූණු බික් 5
රට ලූණු ග්‍රෑම් 200
මාළු මිරිස් කරල් ග්‍රෑම් 100
වියළි මිරිස් කරල් 10
එන්සාල්, කරාබු නැටි 5
රම්ප, කුරුදු පොතු කැබැල්ලක්
විනාකිරි
තක්කාලි සෝස්
අජිනමොටෝ ස්වල්පයක්
ලුණු
මාගරින් හෝ එළවළු තෙල්



සාදන ක්‍රමය : 

කුකුළු මස් හම ඉවත් කර කැබලිවලට කපා සෝදා ගන්න. ලුණු හා වතුර ටිකක් භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක්ද සෝදන ලද කුකුළු මස් ද  දමා තම්බා වතුර බේරෙන්නට හරින්න. ඉන්පසු භාජනයට අවශ්‍ය පමණින් තෙල් දමා ලිප තබන්න. තෙල් රත්වන විට එයට මස් දමා බැදෙන්නට හරින්න. මස් කැබලි රන්වන් පාටට හැරී ගෙන එනවිට වියළි මිරිස් කැබලි දමා මදක් බැදෙන්නට හැර කුරුදුපොතු එන්සාල් තලා දමන්න. එයට රම්පා කැබැල්ලක්ද එක්කර ඉන්පසු තක්කාලි සෝස් අජිනමොටෝ අවශ්‍ය තරමට මිශ්‍ර කර විනාඩියක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු පෙති කපා ගත් රට ළූණුත් හැඩයට කපාගත් මාළු මිරිසුත් මිශ්‍ර කර ලුණු ඇඹුල් බලා ලිපෙන්බාගන්න. (කුකුළු මස් නොතම්බා බැද වුවත් සාදා ගත හැකිය.)

Comments

Post a Comment

Be used Good Word your Massage

Popular Posts