Thursday, January 26, 2017

මාෂ්මෙලෝ පුඩිම

 මාෂ්මෙලෝ පුඩිම


අවශ්‍ය ද්‍රව්‍ය


ජෙලටින් ( 50g+30g )

සීනි (100g+500g)

මිල්ක්මේඩ් ලොකුටින් 01

සීනි සමග තම්බන ලද අන්නාසි ගෙඩි 01

කලරින් පාට 2
 
 
සාදන ක්‍රමය


 මිල්ක්මේඩ් කිරි ටින් එක කඩා භාජනයකට දමන්න.එම ටින් එකෙන්ම එයට වතුර ටින් දෙකක් සහ සීනි 100g දමා දිය කර ළිප මත තබා රත් කර උතුරන විට,උතුරන වතුර අඩු කෝප්ප 1/2 ක දිය කරන ලද ජෙලටින් 30g ද එයට එකතු කර නැවත උතුරවා ලිපෙන් බා ගන්න.එය නිවෙන්නට හැර භාජන දෙකකට සම සේ දමා කලරින් පාට දෙක වෙන වෙනම යොදන්න.ඒයින් එක් භාජනයක් ශීතකරණයේ තබා ඝන කර ගන්න.ඉන් පසු අනෙක් පාට යෙදු මිශ්‍රණය ඒ මත වක් කොට නැවත ශීතකරණයේ තබන්න.එය භාගෙට ඝන වූ විට සීනි දමා තම්බන ලද අන්නාසි ඒ මත දමා හොදින් ඝන කර ගන්න.      පියවර 

වතුර අඩු කෝප්ප 1 කට සීනි 500g දිය කර,ළිප මත තබා උතුරවා ගන්න.මිශ්‍රණය තරමක් ඝන වූ විට උතුරන වතුර අඩු කෝප්පයකට දිය කරන ලද ජෙලටින් 50g ද එයට එක් කර ළිපෙන් බා හොදින් බීට් කර ඝන කරන ලද පුඩිම මත වක් කරන්න.
 
    (මෙය නැවත ශීතකරණයේ තැබිය යුතු නැත)