Sunday, February 21, 2016

Spicy Fish

 

Spicy Fish

  • 2 lbs Fish (Halibut or Tuna)
  • 10 to 15 pieces Goraka
  • 1 1/2 tbs Salt
  • 1 1/2 tbs ground black Pepper
  • 1/4 tsp Turmeric powder
  • 1 sprig Curry Leaves
  • 1 to 2 pieces Rampe (Pandan Leaves)
  • 2 pieces Cinnamon
  • 2 cloves Garlic crushed
  • 1/2 tsp roasted Curry powder
  • 1 cup water

Method

  1. Wash and cut the fish into 15-20 pieces.
  2. Place the goraka pieces in a saucsepan, add a little water to cover and simmer for about 5-10 minutes (until the goraka is soft).
  3. Add salt, pepper, chili powder, tumeric, curry powder to the fish pieces and mix well (until all the pieces are well coated).
  4. Drain the goraka pieces and crush into a coarse paste. Mix the paste with the drained water and add to the fish, mix well.
  5. Arrange the fish in a shallow pan and pour the liquid over the pices.
  6. Wash the mixing bowl with 1 cup water and pour over the fish.
  7. Swirl the pan to coat the pieces with the liquid.
  8. Add the curry leaves, rampe, cinnamon & crushed garlic.
  9. Cook over slow heat until the fish is done.
  10. For a completely dry dish, transfer the fish and thick gravy into an oven proof container and leave it in a warm oven until completely dry.
 
 

Monday, February 8, 2016

චිකන් ඩෙවල්




 අවශ්‍ය ද්‍රව්‍ය : –

කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1
සුදු ලූණු බික් 5
රට ලූණු ග්‍රෑම් 200
මාළු මිරිස් කරල් ග්‍රෑම් 100
වියළි මිරිස් කරල් 10
එන්සාල්, කරාබු නැටි 5
රම්ප, කුරුදු පොතු කැබැල්ලක්
විනාකිරි
තක්කාලි සෝස්
අජිනමොටෝ ස්වල්පයක්
ලුණු
මාගරින් හෝ එළවළු තෙල්



සාදන ක්‍රමය : 

කුකුළු මස් හම ඉවත් කර කැබලිවලට කපා සෝදා ගන්න. ලුණු හා වතුර ටිකක් භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක්ද සෝදන ලද කුකුළු මස් ද  දමා තම්බා වතුර බේරෙන්නට හරින්න. ඉන්පසු භාජනයට අවශ්‍ය පමණින් තෙල් දමා ලිප තබන්න. තෙල් රත්වන විට එයට මස් දමා බැදෙන්නට හරින්න. මස් කැබලි රන්වන් පාටට හැරී ගෙන එනවිට වියළි මිරිස් කැබලි දමා මදක් බැදෙන්නට හැර කුරුදුපොතු එන්සාල් තලා දමන්න. එයට රම්පා කැබැල්ලක්ද එක්කර ඉන්පසු තක්කාලි සෝස් අජිනමොටෝ අවශ්‍ය තරමට මිශ්‍ර කර විනාඩියක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු පෙති කපා ගත් රට ළූණුත් හැඩයට කපාගත් මාළු මිරිසුත් මිශ්‍ර කර ලුණු ඇඹුල් බලා ලිපෙන්බාගන්න. (කුකුළු මස් නොතම්බා බැද වුවත් සාදා ගත හැකිය.)

Saturday, February 6, 2016

බිත්තර පරාටා හදන හැටි

ටිකක් වෙනස් විදිහෙ කෑමක්.හරියට බිත්තර රොටි වගේ. හරියට හදාගත්තොත් නියමයි.
පාන් පිටි,තෙල්,ලුනු,බිත්තරයක් හා අවශ්‍ය පමනට වතුර දාලා රොටීය හදාගන්න.විනාඩි 20ක් තියන්න.ටිකක් වැඩිපුර තෙල් ඕනා.මැදට දාන්න කරියක් ඕනා.තමන් කැමති දේකින් හදගන්න.වෙනම තක්කාලි,බිත්තරත් ඕනා.

මුලින්ම පරාටා මිශ්‍රනයෙන් බෝල හදාගෙන තුනී කරගන්න.


තෙල් දාලා තුනී කරගන්න.ඒ මැදට හදාගත්තු කරි එක දාලා,උඩින් බිත්තරයක් දාලා ඊට උඩින් පොඩියට කපාගත්තු තක්කලි දාලා බිත්තර රොටි වගෙ නවල දෙපැත්ත දාලා පුච්චගන්න..ඇතුලෙ බිත්තර ටික තැම්බෙන්න ඕනා.










Wednesday, February 3, 2016

කකුළු බැඳුම fried crabs

කකුළු බැඳුම  fried crabs
 

කකුළුවන් කන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ නිසාම අපි කියලා දෙන්න හදන්නේ කොහොමද කටට රසට කන්න කකුලුවන් බැදුමක් සාදා ගන්නේ කියලා.


අවශ්‍ය ද්‍රව්‍ය

කලපු කකුළුවන් 500
ලුණු පදමට
දෙහි පදමට
ගම්මිරිස් පදමට
කකුලුවන් බැද ගැනිමට තෙල්
 

සාදන ක්‍රමය
කකුළුවන් කපා හොඳින් පිරිසිදු කර රත් වූ ගැඹුරු තෙලෙහි බැද ගන්න. ලුණු දෙහි ගම්මිරිස් එකට මිශ්‍ර කර ගන්න. දැන් සුදුසු භාජනයක් ලිප තබා හොඳින් රත් වන්නට හැර බැදගත් කකුළුවන් සහ සාදා ගත් මිශ්‍රණය දමා ගින්දර වැඩි කර කලවම් කර ගන්න.